උතුරු කොරියාවේ ජනාධිපති බිරිද අනුගමනය කල යුතු දැඩි නීති රීති මෙන්න

2011 වර්ෂයේදී දෙවන කිම් ජෝන්ග් ජනාධිපතිතුමා මිය ගිය පසු උතුරු කොරියාවේ බලයට පත් වුනේ ඔහුගේ පුත්‍රයා වන කිම් ජෝන්ග් වුන් වේ. යුධ හමුදාවේ, මධ්‍යම ආරක්ෂක හමුදාවේ මෙන්ම රටෙහි සැලකිය යුතු ක්ෂේත්‍ර ගණනාවකම වෙනස්කම් ඔහු බලයට පත් වීමත් සමග සිදු විය. ඔහු විවාහ කරගත්තේ චීනයේ කාන්තාවක් වන රි-සෝල්-ජු වන අතර මේ වන විට ඔවුන්ට දරුවන් තිදෙනෙක් සිටි.උතුරු කොරියාව යනු දැඩි ආරක්‍ෂිත රැකවල් සහිත රටකි.එහි තොරතුරු පිටතට දැනගත හැකි එකම මාර්ගය
එරට මාධ්‍ය ප්‍රකාශන පමණි.

කිම් ජොන්ග් උන් ගේ බිරිද වසර ගණනාවක් මෙම නීති රීති පිළිබද කතා බහ නොකළ නමුත් වර්තමානය වන විට ඒවා පිළිබද දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. ඕනෑම රටක ජනාධිපති බිරිදකට අනුගමනය කල යුතු නීති රීති පවතී. නමුත් මේවා සාමානය නීති
නොවේ.

01.ඔබ එරට ජනාධ්පති වුවත් මෙම නිතිය අනුගමනය කල යුතු වේ. එරට සිටින කිසිදු වැසියෙකුට පෙබරවාරි 15 විවාහ විය නොහැක. එදින එරට ශෝක දිනයකි. එම ශෝක දිනය වෙන් කර ඇත්තේ දෙවන කිම් ජොන්ග් ජනාධිපතිතුමාගේ උපත සහ මියයාම සැමරීම වෙනුවෙනි.

02.විශේෂ අවස්තාවලදී පමණක් ජනාධිපති බිරිද වන රි සෝල් ජු හට නවීන පන්නයේ ඇදුම් ඇදීමේ හැකියාවක් ඇති අතර ජනාධිපතිතුමාගේ සහෝදරියන්ට අදිය හැක්කේ සම්ප්‍රදායික ඇදුම් පමණි.

03.විවාහයෙන් පසු තම සැමියාගේ නම කාන්තාවකගේ නමෙහි අගට එකතු වීම සාමාන්‍ය දෙයකි. නමුත් රි සොල් ජූ හට තම නම සම්පුර්ණයෙන්ම අත් හැර වෙනත් නමක් භාවිතා කිරීමට සිදු විය.

04.රී සොල් ජූ හට තම දෙමාපියන් හා හිත මිතුරන් හමු වීම සපුරා තහනම් වේ.

05.ජනාධිපති ආර්යාව සහ දරුවන් සම්පුර්ණයෙන්ම රහස් ජිවිතයක් ගත කරන අතර අත්‍යාවශ්‍ය අවස්ථා වලදී පමණක් පෙනී සිටීමට ඉඩ ලබා දී ඇත.

06.ජනාධිපති ආර්යාව වටා ප්‍රබල ආරක්ෂක රැකවල් සහිත අතර ඇයට කිසිදු ස්ථානයක තනිවම ගමන් කල නොහැක.එමෙන්ම ඇයට සමාජ සම්බන්ධතා පැවැත්වීම තහනම් වේ.

07.වෙනත් රටවල් වල ජනාධිපති ආර්යාවන්ට ශෝක කලාප වලට පිවිසීම තහනම් වුවත් උතුරු කොරියාවේ එය එසේ නොවේ.ඇයට තම නැන්දනියට සහ මාමාට ශෝකය පල කිරීම සිදු කල හැකි වේ.

08.ඇය විවාහයෙන් පසු වහාම දරුවන් බිහි කල යුතුය. එමෙන්ම තම පරම්පරාව රැක ගෙන යාම සදහා පුතෙකු බිහි කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් විය. මේ වෙනුවෙන් ඇයට විශාල පීඩනයක් විදින්නට සිදු වූ බව කියවේ.

09.ඇයගේ පෙර ජීවිතය පිළිබද කිසිදු සටහනක් නැත. ඇයගේ පාසල් ජීවිතය ලබා ගත් අධ්‍යාපනය සහ පවුල් පසුබිම සම්පුර්ණයෙන්ම රහසකි.

10.රි සොල් ජු සංගීත කණ්ඩායමක ගීත ගයන්නියක් ව සිට ඇති අතර ඇයගේ ඉදිරිපත් කිරීම් සහිත සියලුම VCD තැටි පුළුස්සා දමා ඇත.

11.ඇයට රැකියාවක යෙදීම තහනම් වන අතර ඇය විසින් ගන්නා ඕනෑම තීරණයක් බල පැවැත්වීමේ හැකියාවක්ද ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *