කම්මැලි අයට මේ දේවල් 11 කිරි ගහට ඇන්නා වගේ වටි

අපි මේ දේවල් කියලා දෙන්නේ කම්මැලි අයව තවත් කම්මැලි කරන්න නම් නෙමෙයි. කාර්යබහුල ඔබට එදිනෙදා කටයුතු වැඩි කාලයක් වැය නොකර පහසුවෙන් කරගෙන ඔබේ කාලය ඉතුරු කර ගැනීමට උපකාරයක් විදියටයි. ඔයත් උත්සාහ කරලා බලන්න.

ආහාර නයිට්රේට් පරීක්ෂකය.

“අපි කන දේ ගැන අපි දැන ගත යුතුයි.” කියන පැරණි කියමන අදටත් අදාල වෙනවා. විශේෂයෙන් වර්තමානකාලයේ තියන ආහාර කල්තබා ගැනීමට වගේම ආහාර වලට නැවුම් පෙනුමක් ලබා ගැනීමටත් නිෂ්පාදකයන් විසින් ඒවාට විවිධ විෂ සහිත ද්‍රව්‍ය එකතු කරනවා. ඒ නිසා මේ නයිට්රේට් පරීක්ෂකය මගින් ඔයාට ආහාර වල ගුණාත්මක තත්වය පර්ක්ෂා කිරිමට හැකියාව ලැබෙනවා.

වයින් උෂ්ණත්වමානය.

යම් නිෂ්චිත උෂ්ණත්වයකදි වයින් භාවිතා කල යුතුයි. සුදු වයින් සදහා එය 8-10°С (46-50°F), හා රතු වයින් සදහා 12-17°С (53-63°F) ද තිබිය යුතුයි. මෙහිදී ප්‍රශ්න2ක් මතු වෙනවා. මේ වයින් උෂ්ණත්වමානය පොදු ගබඩා වල නැත්තේ ඇයි? වයින් වලට කැමති පුද්ගලයන් ඇයි මේ පිලිබද තවමත් විමසන්නෙ නැත්තෙ?

පෙණ උත්පාදනය කරන බියර් මග්.

ඇතැම් අය උඩින් පෙණ මතු වී තියෙන විට බියර් පානය කිරීමට කැමති වෙනවා. එවැනි අයට පෙණ ඇති කර ගැනීමට මේ මග් එක උපකාරි වෙනවා.

දියනල තුල සිරවී ඇති හිසකෙස් පිරිසිදු කිරීම.

විශේෂයෙන් නාන කාමර තුල තියෙන නල තුල තමා මේ ප්‍රශ්නය ඇති වෙන්නේ. නල තුල හිසකෙස් සිර වූ විට ඒවා පිටතට ගැනීම ඉතා අපහසුයි. ඒ වුනාට මේ පුදුම පිරිසිදු කිරිමේ උපකරණය මගින් එය ඔබට පහසුවෙන් කර ගැනිමට පුලුවන්.

කොණඩ රැවුල් කපන විට භාවිතා කරන ඒප්‍රනය.

සමහර අයගේ නාන කාමර සමහර වෙලාවට කොන්ඩ වලින් අපිරිසිදු වෙලා තියනවා දැකලා ඇති. ඒ වගෙ අයට තමයි මේ ඒප්‍රන් එක නිර්මාණය කරලා තියෙන්නේ.

නමන ස්ටූලය.

මේ සුවිශේෂී භාණ්ඩය ඕනෑම කුඩා ඉඩක් තුල පහසුවෙන් සවිකර ගත හැකි අතර ඕනෑම ඉඩකට අනුවද සකසා ගතහැකියි. එය පුටුවක්, ස්ටූල් එකක් හෝ කෝපි මේසයක් බවටද පත් කර ගැනිමට පුලුවන්. ඇත්තටම මේක මායාවක් වගේ.

දරුවන්ගේ ෂවර් කැප්.

මේ උපකරණය මගින් දරුවන්ගේ ඇස් වලට සබන් නොයන බවට 100%ක් සහතික වෙන්න පුලුවන්. ඒ වගෙම නාන එක විනොදයක් බවට හැරවීමටත් මේ ෂවර් කැප් එකට හැකියාව තියෙනවා.

පාද ප්‍රමාණය මැනීම.

කකුල වල ප්‍රමාණය කොලවල අදිනවාට වඩා මේ උපකරණය මගින් එක ක්‍රමානුකූලව කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගෙම මේක පොඩි විනෝදජනක ක්‍රියාවක්.

සුනඛ සෙල්ෆි ස්ටික්.

බල්ලෙක් ඉන්න අයගේ ලොකුම හීනය වෙන්නේ බල්ලාත් සමග ලස්සන සෙල්ෆියක් ගැනිමයි. ඒ වුනාට ඒක ගොඩක අපහසු වැඩක්. ඔන්න මේ උපකරණය මගින් ඒ වැඩෙ පහසු කරලා තියනවා.

සුරතල් සතුන් සදහා ආසන ආවරණ.

සුරතල් සතුන් ඔබේ මෝටර් රථයේ රැගෙන යන විට ඇති වන ලොකුම ගැටලුව වෙන්නේ ඔවුන්ගේ ලොම් ආසනය පුරා ඇලීමයි. පසුව එය පිරිසිදු කිරීමත් ගොඩක් අපහසුයි. එයට විසදුම්ක් විදියට මේ ආසන ආවරණ භාවිතා කරන්න පුලුවන්.

යෝනියආශ්‍රිත මස්පිඩු ව්‍යායාමය.

මෙම සරළ හා සංයුක්තක ව්‍යායාමකය මගින් කලවා වල හා තට්ටම් වල මස්පිඩු ශක්තිමත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. මෙය polypropylene – ආලේපිත වානේ වලින් සාදා තියෙන අතර පිරිමි සහ ගැහැණු යන දෙපක්ෂයටම සුදුසු වෙනවා.

හරි අපූරු උපකරන තමයි හොයාගෙන තියෙන්නේ නේද? ඔයාගේ අදහස් පහලින් කියාගෙන යන්න. යාළුවන්වත් මේ අලුත් කරුණු වලින් දැනුවත් කරන්න අමතක කරන්න එපා. සුභ දවසක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *