දකුණු කොරියාවේ සාමාන්‍ය දේවල් වන නමුත් ලෝකයට පුදුම දේවල් 15ක්

පැරණි ආසියානු සංස්කෘතීන් වලින් සමන්විත නවතම තාක්ෂනය මුසුවූ රටක් ලෙස දකුණු කොරියාව සැලකේ.කොරියාවේ සාමාන්‍ය දේවල් ලෙස සැලකෙන අනෙක් රටවල් වල පුද්ගලයන්ගේ විස්මයට හේතු වන කරුණු 15ක් පහත සදහන් වේ.

01.ගර්භනී මව් වරුන් වෙනුවෙන් සේවාවන්.

ගර්භනී මව් වරුන්ට අවශ්‍ය සේවාවන් සහ භාණ්ඩ මිලදී ගැනීම සදහා එරට රජය ඔවුන්ට ඩොලර් 500ක මුදල් ප්‍රධානය කරයි.එමෙන්ම ඔවුන් වෙනුවෙන් විශේෂ ගමනාගමන සේවාවක්ද ඇත.ඔවුන්ගේ ආසන රෝස පැහැති වර්ණයෙන් වර්ණ ගන්වා ඇත.

02.සෑම බස් නැවතුමකම බස් ගමන් කරන වෙලාවල් සහිත කාලසටහනක් ඇත.

සෑම බස් නැවතුමකම වායුසමීකරණය කර ඇත.බස් රියදුරන්ට නියමිත ඇදුමක් ඇති අතර මුළු දවස පුරාම බස් සේවා ක්‍රියාත්මක වේ.එමෙන්ම බස් රථ වල සහ කුළි රථ වලද ගාස්තු එක හා සමාන වේ.

03.ආහාර ගැනීමට පෙර ඒවායේ ගුණාත්මක භාවය පරික්ෂා කිරීම ඕනෑම අවස්තාවක සිදු කල හැක.

කොරියාවේ බහුතරයක් සුපිරි වෙළදසැල් වල ඕනෑම ආහාර වර්ගයක් මිලදී ගැනීමට පෙර ඇති තරම් අනුභව කර හෝ පරික්ෂා කර බැලිය හැක.

04.කොරියානුවන් භාවිතයට ගත හැකි තෑගී ලැබීමට ප්‍රිය කරයි.

කොරියානුවන් ගේ සම්ප්‍රදායික උත්සවයකට අනුව එහි ප්‍රධාන ත්‍යාගය වන්නේ ටොයිලට් පේපර් රෝල් දෙකකි.එහි දිග අනුව දිර්ඝායුෂ තීරණය වන බව ඔවුන්ගේ මතයයි. එමෙන්ම ඔවුන් ආහාරයට ගත හැකි තෑගී ලැබීමට ප්‍රියතාවයක් දක්වයි.

05.කොරියාවේ අලුත් අවුරුදු කාලයේදී රුපවාහිනි වල නිවේදකයන් කොරියානු සම්ප්‍රදායික ඇදුමින් සැරසේ.

06.ළදරු පෙරපාසල් වල එකිනෙකට ආවේනික වර්ණ වලින් යුතු නිල ඇදුම් තිබේ. එමගින් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු වන බව ඔවුන්ගේ මතයයි.

07.කොරියානුවන් ගේ ආගමික ඇදහිලි.

දන්ත වයිද්යවරුන්ට සහ කොන්ඩ මෝස්‌තර සිදු කරන පුද්ගලයන්ට නොමිලේ පල්ලි වලට ඇතුල් වීමේ අවස්තාව ලැබේ.දකුණු කොරියාවේ ලෝකයේ ජනප්‍රියම පල්ලිය පිහිටා ඇති අතර වසරකට මිලියනයකට වඩා වැඩි පිරිසක් පල්ලිය වෙත පිවිසේ.

08.උසස් පාසල් වල ඉගෙන ගන්නා දරුවන් මධ්‍යම රාත්‍රිය වන තුරු ඉගෙනීමේ නිරත වේ.

කොරියාවේ දරුවන් බොහෝ වෙහෙස මහන්සි වී ඉගෙනීමේ නිරත වේ.මුලික ශ්‍රේණි වල සිසුන් උදෑසන 9 සිට රාත්‍රී 10 වන තුරු අධ්‍යන කටයුතු වල නිරත වන අතර ඉහල ශ්‍රේණි වල සිසුන් රාත්‍රී 09 වන තුරුද උසස් පාසල් වල සිසුන් අලුයම 1 වන තුරුද අධ්‍යන කටයුතු වල නිරත වේ.

9.කොරියාවේ ආදරවන්තයන් සමාන ඇදුම් වලින් සැරසේ.

කොරියාවේ ආදරවන්තයින් සමාන ඇදුම් වලින් සැරසීම සුලබ ලක්ෂණයකි. එක් එක් වයස් වල ආදරවන්තයින්ට ඇදුම් මිලදී ගැනීම සදහා ඕනෑ තරම් ස්ථාන කොරෝයාවේ ඇත.

10.ගුරුවරුන්ට කරන හොදම කෘතගුණ සැලකීම වන්නේ ඔවුන්ට තේ හෝ කෝපි කෝප්පයක් පිරිනැමීමයි.

Image result for තේ හෝ කෝපි

තමාගේ කෘතගුණ ගුරුවරුන්ට පෙන්වීමට අවශ්‍ය වූ විට සිසුන් සහ දෙමාපියන් ඒ වෙනුවට පැණි රස ආහාරයක් සමහ කොපි හෝ තේ කෝප්පයක් යොදා ගනී.

11.උමන් දුම්රිය වල විවිධ තේමාවන් ඇත.

විව්ධාකාර කාටුන් වලට අනුව සකසන ලද දුම්රිය කොරියාවේ දක්නට ඇත. ඒවායේ අනුරුවක් ආසන මත තැබීමද සුලබ කරුණකි.

12.දකුණු කොරියාව බටහිර සංස්කෘතිය පිළිබද තැකීමක් නොකරයි.

Image result for බටහිර සංස්කෘතිය

කොරියාවේ මිනිසුන් වවෙනත් රටවල් වල සංස්කෘතීන්,සංගීතය පිළිබද හෝ චිත්‍රපට ගැන හෝ දැනුවත් කමක් නැත.ඔවුන් තම රටේ ඇති දේවල් ගැන පමණක් සැලකිලිමත් වේ.ඔවුන්ගේ පාසල් වල ඉතිහාසය හෝ භූ ගෝලය පිළිබද ඉගැන්වීමක් නොකරයි.

13.දකුණු කොරියාවේ මිනිසුන් බලු මස් අනුභව නොකරයි.

කොරියාවේ තරුණ පරම්පරාව බලු මස් ආහාරයට ගැනීම අත් හැර ඇත. නමුත් සුනඛ මස් ආහාරයට ගැනීමට ඔබට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් ඉහල මිලක්ද ගෙවීමට ඔබට සිදු වේ.බොහෝ කොරියානුවන් තෙල් නොදමන ලද මස්, බත් සහ එළවලු පලතුරු බහුලව අනුභව කරයි.

14.කොරියාවේ කුණු බදුන් අඩු අතර පොදු වැසිකිලි බහුල වේ.

කොරියානුවන් බොහෝ පිරිසිදු නිසා කුණු බාල්දි ඇත්තේ අඩුවෙනි.නමුත් පොදු වැසිකිලි බොහෝ ස්ථානවල සුලබ දසුනකි.පුරුෂ සහ ස්ත්‍රී පක්ෂයට වෙන් වෙන්ව සකසා ඇති වැසිකිලි බොහෝ පිරිසිදු ඒවා වේ.

15.කොරියානුවන්ගේ ගේ වැඩ කිරීමේ කාලයේ සිමා දක්නට නැත.

Related image

කොරියානුවන් වැඩ කිරීමට බොහෝ කැමැත්තක් දක්වන අතර ඔවුන් අතිකාල දීමනා වෙනුවෙන් සහ තම සේවය උසස් කිරීමේ අදහසින් වැඩෙහි නිරත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *